Kind Heart - ව්‍යාපෘති විස්තරය

 






2019 වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වා පුරා වසර 2කට අධික  කාලයක් ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය අසරණ ජීවත ලක්ෂ ගණනක් මේ වන විටත් බිලිගෙන අවසන්.එමෙන්ම මේ මොහොතේත් ජීවත සිය ගණනක් බිලිගනිමින් සිටින්නේ තම කුරිරු බව ලොවටම විදහා පාමිනි.



තවමත් නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති කොරෝනා වෛරසය මේ වන විට විවිධ ප්‍රභේද රැසක් බිහි කරමින් පැතිර යමින් පවති.මෙම වසංගතය කෙතරම් දරුණුද යත් මේ වන විටත් ලොව පුරා රටවල් ගණනාවක ආර්ථිකය බිඳ වැටෙමින් පවති.

මෙම තත්ත්වය හමුවේ දරුණුතම පීඩාවට ලක්ව සිටින්නේ කොරෝනා ආසාදිත රෝගීන් පමණක්ම නොවේ.ලොව පුරා වෙසෙන ලක්ෂ ගණනක් වූ අඩු ආදායම් ලාභී ජනතාවද කොරෝනා වසංගතය හමුවේ දැඩි පීඩාවට ලක්ව ඇති අතර බොහෝ කම්කටොලු හා ජීවන අපහසුතා වලට මුහුණ දෙමින් සිටී.

කොරෝනා වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම උදෙසා හා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම උදෙසා විටින් විට පැනවූ ඇඳිරිනීතිය හේතුවෙන්, ස්ථීර රැකියාවක් නොමැතිව එදිනෙදා සුළු රැකියාවන් මගින් සිය ජීවනෝපාය රැකගත් අසරණ ජනයා හට සිය ජීවනෝපාය අහිමිව ගොස් ඇත.


පෙර වසර වලට වඩා මේ වසරේදී ලෝක දරිද්‍රතාවය ඉහළ ගොස් ඇත.කොරෝනා වසංගතයට පෙර එනම් 2019 වසරේදී ලෝක ජනගහනයෙන් 8.2%ක් ලෙස පැවති ලෝක දරිද්‍රතාවය මෙම වසරේදී ලෝක ජනගහනයෙන් 8.6%ක් දක්වා ඉහළ ගොස් ඇත.


 

එමෙන්ම නිසි ආදායමක් නොමැතිකම හේතුවෙන් සහ සිය දෛනික රැකියා අහිමි වීම හේතුවෙන් අඩු ආදායම් ලාභී ජනයා හට සිය කුසගින්න පවා නිවාලීමට නොහැකි තත්ත්වයකට මුහුණ පෑමට සිදුව තිබේ.මෙම නිසා ලොව පුරා කුසගින්න හේතුවෙන් ජනයා මිය ගිය පුවත්ද මෑත කාලයේ අපට අසන්නට දකින්නට ලැබුනා.මෙම තත්ත්වය හමුවේ බොහෝ අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් මන්දපෝෂණයට පවා ගොදුරු වී තිබෙනවා.



සෑම මවකගේම සහ සෑම පියෙකුගේම සිතෙහි ඇති විශාලම සහ උතුම්ම බලාපොරොත්තුව තම දරුවන් හට හැකි උපරිම සහ උසස්ම අධ්‍යාපන ලබාදීමයි.නමුත් මේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අඩු ආදායම් ලාභී පවුල් වල දෙමාපියන්ගේ බලාපොරොත්තු මෙන්ම එම දරුවන්ගේ අනාගතයද කෙමෙන් අඳුරු වීමේ අවාසනාවන්ත තත්ත්වයක් උදා වී තිබෙනවා.



ඊට හේතුව වන්නේ මෙම වෛරසයේ බලපෑම හේතුවෙන් ලොව පුරා පාසල් තාවකාලිකව වසා දැමීම හා එම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමයි.මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන හදාරනවා තබා මාර්ගගත අධ්‍යාපනයට යොමු වීමට අවශ්‍ය අවම පහසුකම් වත් සපුරා ගැනීමට නොහැකිකම හේතුවෙන් අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් හට මාර්ගගත අධ්‍යාපන සිහිනයක්ම බවට පත්ව ඇත.අධ්‍යාපන සිහිනයක් වූකලී  ඔවුන්ගේ අනාගතයද අස්ථිර වනු ඇත.




මෙවැනි අසීරු තත්ත්වයක් හමුවේ, මිනිසාට උපකාර කිරීමට, මිනිසාට අත හිත දීමට හැක්කේ උණු වන හිත් ඇති තවත් මිනිසෙකුටම පමණි

 



මෙවැනි අසීරු කාල පරිච්ඡේදයක් හමුවේ අඩු ආදායම් ලාභී පවුල් සදහා අත හිත දීමට, ඔවුනට හයියක් වීමට අප සැමගේ කරුණාවේ දෑත් යොමු කිරීමට  හැකිනම් එය ඔවුනට මහත් රුකුලක් වනු ඇත.එමගින් ඔවුන්ගේ ජීවන අපහසුතා යම්තාක් දුරට හෝ අවම කරගැනීමට ඔවුනට හැකි වනු ඇත.



සැමවිටම කොළඹ මිඩ්සිටි රොටරැක්ට් සමාජයේ අපි ජනතාව උදෙසා ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන්නෙමු.අපගේ කාරුණික දායකත්වය අපට හැකි පමණින් හෝ ඔවුනට ලබාදීමට හැකිනම් ඔවුන්ගේ කුසගින්න නිවාලීමටත්, එම දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරලීමටත්, දුකින් පිරි ඔවුන්ගේ මුවඟට සිනාවක් රැගෙන ඒමටත් අපට හැකි වනු නියතයි.




අපි ඉතාමත් ගෞරවයෙන් සහ සතුටු සිතින් Kind Heart ව්‍යාපෘතිය ජනතාව උදෙසා ක්‍රියාත්මක කරන්නෙමු.



මුළු ලෝකයාටම දැඩි පීඩා පමුණුවන රුදුරු කොරෝනා වසංගතය මුළු ලෝකයෙන්ම සදහටම තුරන් වේවා යැයි අපි සැම ප්‍රාර්ථනා කරමු  !!! ගන්නා සෑම හුස්ම පොදක්ම නොබියව ආශ්වාස කිරීමට හැකි නීරෝගීමත් හෙට දිනක් උදා වේවා යැයි අපි සැම ප්‍රාර්ථනා කරමු  !!!




        Penned By , Rtr. Onaliy  Jayawardana

No comments:

Post a Comment

We do great things here in the homeland and around the world!