Kid's First Physical Session 01





 දරුවන් කියන්නේ පුංචි මල් කැකුලු මේ පුංචි මල් කැකුලු තමා හෙට රට බාරගැනීමට සිටින අනාගත නායකයින්. ඒ නිසා දරුවා කියන්නේ සමාජයේ සිටින වැදගත්ම පුද්ගලයෙක්.එබැවින්  දරුවන් ආරක්ෂා කරගැනීමට මුල් තැන දීම ඉතාමත් වැදගත්.



නමුත් අවාසනාවකට මෙන්, වර්තමාන සමාජයේ ළමා ආරක්ෂාව බොහෝ සේ හීන වී තිබෙනවා. ඒකට මූලිකම හේතුව නිසි දැනුවත්කමක් නොමැති වීම. මෑත කාලයේ අපට අසන්නට ලැබුනු අවසනාවන්ත සිදුවීම් වලින් එය තවත් තහවුරු වේ.


එම නිසා ළමා ආරක්ෂාව අරමුණු කරගනිමින් ⁣කොළඹ මිඩ් සිටි රොටරැක්ට් සමාජයේ අපි තවත් ඉන්ටරැක්ට් සමාජ රැසක් සමග එක්ව Kids First ව්‍යාපෘතිය ආරම්භ කළෙමු.


මෙම ව්‍යාපෘතියේ පළමු වැඩසටහන, මාර්ගගත  සැසියක් ලෙස, ළමා ආරක්ෂක බලකාය සමඟ එක්ව අපි පැවැත්වුවෙමු. ඒමෙන්ම නිරතුරුවම සමාජ මාධ්‍ය හරහා ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම් රැසක් අපේ රොටරැක්ට් සාමාජිකයන් විසින් සිදු කරනු ලැබූහ.ඒ සියලු වැඩසටහන් තුළින් අප ළමා අපචාර වැලැක්වීම සම්භන්ධයෙන් සමාජය දැනුවත් කරවීමටත් මේ ගැටලුව පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනඟන්නත් අපි උත්සහ කලෙමු.තවදුරටත් අපේ නිම්වළලු පුළුල් කරමින් මෙම ව්‍යාපෘතියේ දෙවන වැඩසටහන වශයෙන් ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රාථමික අංශයේ දරුවන් දැනුවත් කිරීම ⁣සදහා සජීවී වැඩසටහනක් ළළිත් ඇතුළලත්මුදලි විද්‍යාලයේ දී ළමා ආරක්ෂක බලකායත් සමඟ එක්ව නොවැම්බර් 5 වැනිදා අතිසාර්ථකව නිමා කිරීමට අපට හැකි වූවා. 



සමාජයක් වශයෙන් අප දරුවන් ආරක්ෂා කරගැනීම වැදගත්.එමෙන්ම සමාජයේ කුරිරු දෑත් වලින් ආරක්ෂා වී සිටින්නේ කෙසේදැයි දරුවන් දැනුවත් වීමද ඉතාමත් වැදගත්.එම අරමුණ පෙරදැරි කරගනිමින් එදින මෙම වැඩසටහන අප මෙහෙයවනු ලැබුවෙමු.











එහිදී එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් හට අපචාර හඳුනාගැනීමටත් ඒවා වළක්වාගන්නා ආකරයත්,එව්න් අවස්ථාවක කටයුතු කළයුතු ආකාරය ගැනත් පැහැදිලි අවබෝධයක් ලබාදීමට අප කටයුතු කළෙමු.



ළමා ආරක්ශක බලකායත් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරගනිමින් රටේ දරුවන්ගේ ආරක්ශාව වෙනුවෙන් කැපවීමට අප නිබඳවම ක්‍රියා කිරීමට සූදානමින් සිටින්නෙමු.ළලිත් ඇතුළත්මුදලි විද්‍යාලයෙන් ඇරැඹූ අපේ මේ සංග්‍රාමය මේවන විට බොහෝ දුර ගොස් හමාරයි.

මාර්ගගත සැසිවාර  ද සජීවී වැඩසටහන්  ද සමඟින් තව තවත් අපේ දරුවන් රැකගැනීම උදෙසා මිඩ්සිටි  අපි සූදානම්.







Penned by, Rtr.Nimnadi Premasiri 

No comments:

Post a Comment

We do great things here in the homeland and around the world!