Orange Elephant: ව්‍යාපෘති පසුබිම


Orange Elephant ව්‍යාපෘතියේ පසුබිම


අතීතයේ සිට ම අලි ඇතුන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඪ සංකේතයක් වන අතර සංස්කෘතික හා ආගමික මූලික අංගයක් වශයෙන් ඔවුන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ලංකාවේ වනෝද්‍යානවල වෙසෙන අලි ඇතුන් මෙන් ම, පෙරහැරේ කරඬුව ඔසවාගෙන යන ඇතාගේ සිට පින්නවල අලි උද්‍යානයේ වෙසෙන අලි ඇතුන් දක්වා හිමිවී ඇත්තේ දැඩි දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණයකි.

ආසියානු අලියා තරම් මිනිසුන් සමඟ එතරම් කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තවමත් වනයේ රැඳෙන වෙනත් කිසිදු සත්ව වර්ගයක් දකින්නට නොමැති නමුදු කාලයක් තිස්සේ පැවතගෙන එන අලි මිනිස් ගැටුම නිසා ශ්‍රී ලාංකීය අලි ගහනය බලවත් බරපතළ තර්ජනයන්ට සහ අවධානමට ලක් ලක් වී තිබෙන අයුරු දැක ගත හැකියි. ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය හා කළමනාකරණය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය විසින් 2006 දී අලි ඇතුන්ගේ මුළු සංඛ්‍යාව හාරදහක් ලෙස ඉදිරිපත් කළත් මෙම සංඛ්‍යාව දිනෙන් දින විශාල ලෙස අඩු වෙමින් පවති. 

මානව අලි ගැටුම ග්‍රාමීය ශ්‍රී ලංකාවේ විශාලතම පාරිසරික හා සමාජ ආර්ථික අර්බුදයක් ලෙස හැඳින්විය හැකිය. වාසස්ථාන හා සම්පත් අහිමිවීම හේතුවෙන් අලි බෝග වැටලීමට නැඹුරු වන අතර එහි බලපෑම බොහෝ දුරට දැනෙන්නේ ශ්‍රී ලංකාවේ ඉහළ කෘෂිකාර්මික හා අඩු ආදායම්ලාභී ප්‍රදේශවල ය. 2016 දී නිකුත් කරන ලද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම වාර්ෂික කාර්ය සාධන වර්තාවට අනුව වාර්ෂිකව අලි ඇතුන් විසින් ඩොලර් මිලියන දහයකට වැඩි බව භෝග හා දේපළ හානි සිදුකරනු ලබන බවට වාර්තා වේ. එයට ප්‍රතිචාර වශයෙන් ගොවීන් විසින් අලින් මරා දමනු ලැබේ. අලි මිනිස් දෙපාර්ශවයම විසින් තම පැවැත්ම සදහා කරනු ලබන මේ අරගලයේ ප්‍රතිපල ලෙස 2008 සිට වාර්ෂිකව ගොවීන් අලි 225 ක් විසින් මරා දමන අතර අලි ඇතුන් වාර්ෂිකව ගොවීන් 60-80 ක් පමණ මරා දමා ඇත. 

මිනිස්-අලි ගැටුමේ ව්‍යාප්තිය හා බලපෑම්

අලි මිනිස් ගැටුමේ නිර්මාණය කිරීමට හා තීව්‍ර කිරීමට හේතු සාධක අතරින් වනාන්තර විනාශය, දිනෙන් දින ඉහළ යන ජනගහනය, නාගරීකරණය, ග්‍රාමීය ඉහළ දරිද්‍රතාවය නාගරීකරණය,කෘෂි පාදක ආර්ථිකය විසින් ඇති කරනු ලබන අලි ඇතුන් ගේ වාසස්ථාන අහිමි වීම සහ වාසස්ථාන ඛණ්ඩනය යන ඒවා ප්‍රධාන තැනක් ගනී.

ශ්‍රී ලංකාව සතුව ඇති පොහොසත් ජාන විවිධත්වය සංරක්ෂණය කිරීමේ මූලික අරමුණින් ශ්‍රී ලංකාවේ භෞමික ආරක්ෂිත ප්‍රදේශ (PA) පිහිටුවා තිබේ. අලි ගහනය සංරක්ෂණය කිරීම හා කළමනාකරණය, ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (Department of Wildlife Conservation – DWC) යටතට ගැනේ. මෙම ආයතන විසින් පාලනය කරනු ලබන ප්‍රදේශය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය 28% කට වඩා ආවරණය කරනු ලබයි. නමුත් ප්‍රතිපත්ති සම්පාදකයින් අතර ගැටළු, පරිසර පද්ධති පිළිබඳ විශේෂඥයන්ගේ හිඟතාවය සහ ආරක්ෂිත ප්‍රදේශ (PA) කළමනාකරණයේ ගැටළු හේතුවෙන් ඉහත දැක්වූ ගැටළු තවදුරටත් සංකීර්ණ වේ.


අලි-මිනිස් ගැටුම්වල මෑත වැඩිවීම

1998 සිට අලි ප්‍රහාරවල වාර ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ විශේෂ සංරක්ෂණ මධ්‍යස්ථානය (Special Conservation Center of Sri Lanka - (SCC)) වාර්තා කරයි.  උතුරු මැද පළාතේ සහ නැගෙනහිර පළාතේ අනුරාධපුර සහ පොලොන්නරූවා දිස්ත්‍රික්ක 2016 දී අලි ප්‍රහාර හේතුවෙන් වැඩිම මිනිස් මරණ වාර්තා කර ඇති අතර, එම වර්ෂයේම අලි ප්‍රහාර හේතුවෙන් වැඩිම දේපල හානි වාර්තා වී ඇත්තේ නැගෙනහිර හා වයඹ පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලිනි. මීට හේතු කිහිපයක් පහත විස්තර කොට ඇත.

  • අලි ජනාවාස හා ඒ අවට මානව ජනාවාස පිහිටුවීම

පශ්චාත් යුධ සමයේ අවතැන් වූවන් විල්පත්තු වැනි නම් කරන ලද ආරක්ෂිත ප්‍රදේශ (PA) නැවත පදිංචි කරවීම වැනි සමාජ හා දේශපාලන සාධක හේතුවෙන් අලි ඇතුන් මරණ වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වී ඇත.

රාජ්‍ය ඉඩම් සංවර්ධන අඥා පනතට අනුව උතුරු මධ්‍යම පළාතේ පදවිය අභයභූමිය අවට ප්‍රදේශවල ජයභූමි ඔප්පු ලබා දී ඇති අතර එමඟින් වැඩි ජනාවාස ආකර්ෂණය කර ගැනීමටත්  හැකිවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ මිනිස් අලි අන්තර්ක්‍රියා වල විශාල වර්ධනයක් අත්පත් කරගන්නා ලදි. 

මිනිස් ජනාවාස හේතුවෙන් අලින් ඔවුන්ගේ සුපුරුදු නිවාස පරාසයන්ගෙන් අවතැන් වී ඇති හෙයින්, ඔවුන් පැවැත්ම සඳහා බෝග වැටලීම් මත යැපීමට පටන් ගනී. එහි ප්‍රතිපලයක් වශයෙන්, බෝග ආරක්ෂා කිරීමට ගැමියන් විසින් අනුගමනය කරනු ලබන ගින්න, සරල බාධක, කසාය ආහාර වැනි සාම්ප්‍රදායික අලි වැළැක්වීමේ ක්‍රමවේදයන්ට අලින් අනුගත වෙති. එවිට ගම්වාසීන් වැඩි වැඩියෙන් අමානුෂික ක්‍රියාවන්ට යොමු  වීම දක්නට හැකිය. අලි පැටවුන්ට වෙඩි තැබීම (2016 දී නඩු 52 ක්), බැටරි / නයිට්‍රික් අම්ලය වත් කිරීම හෝ දේශීයව සාදන ලද “හක්ක පටස්” වැනි පුපුරණ ද්‍රව්‍ය එළවළු වලට දැමීම මගින්  අලි පාලනයට ඔවුන් යොමු වෙති.

මීට අමතරව, මිනිසුන් විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශවල පශු සම්පත් හා ගෘහාශ්‍රිත සතුන්ට අලි ඇතුන්ට පහසුවෙන් රෝග සම්ප්‍රේෂණය කළ හැකිය.එපමණක් නොව, අවට ඇති සියලුම බිම් මට්ටමේ තණකොළ මත තෘණ ආහාරයට ගන්නා ගවයන් හා මී හරකුන් වැඩි කිරීම අලි ඇතුන්ට ආහාර හිඟයක් ඇති කළ හැකිය.  අලි පරාසයේ පුරුදු නොසලකා හරිමින් සැලසුම් කර නොමැති හා තාවකාලික සංවර්ධන ක්‍රියාකාරකම් තත්වය තවදුරටත් සංකීර්ණ කර ඇත.

ශ්‍රී ලංකාවේ පුළුල් අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක් නොමැති විට, වනජීවී ස්ථානවල කසළ බැහැර කිරීම නිසා අලි ඇතුන් ආහාර සෙවීමේදී පොලිතින් පරිභෝජනය කිරීමට මෙන්ම දඹුල්ල සහ දිගම්පතාන ප්‍රදේශවල වාර්තා වූ සිදුවීම් වැනි අපද්‍රව්‍ය නිරාවරණය වීමෙන් රෝග වැළඳීමට ද හේතු වී තිබේ. ඒ හා සමානව, බුත්තල-කතරගම පාරේ වැනි පාරවල් දිගේ අලි ඇතුන් පෝෂණය කිරීමෙන් අලි ඇතුන්ට ස්වාභාවිකව පරිභෝජනය නොකරන ආහාරවල රසය හුරුපුරුදු වන අතර ඔවුන්ගේ ශරීර අනුගත නොවේ. ප්‍රතිවිපාකයක් ලෙස අලි ඇතුන් සමාන ආහාර සොයමින් ගම්වලට පැමිණීමට පටන් ගන්නා අතර, කනගාටුවට කරුණක් නම්, එවැනි ආහාර දිගින් දිගටම ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යය පිරිහීමට අවදානමක් තිබීමයි (උදා: කතරගම දේවාලය වෙත සහ ඉන් පිටතට යන වන්දනාකරුවන් විසින් පිරිනමන පලතුරු සහ රසකැවිලි)

  • දේශගුණික විපර්යාස මගින් ඇති කරන ලද සම්පත් හිඟය

අක්‍රමවත් හා දැඩි වර්ෂාපතනය සහ දීර්ඝ නියඟ වැනි දේශගුණික විපර්යාසයන් ද මිනිස්-අලි ගැටුම් වෙත දායක වේ. ජලය සහ ආහාර හිඟය පවතින විට, අලි ඇතුන් ආහාර හා ජලය සෙවීමේ පරාසය පුළුල් කර ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වලින් පිටතට ගොස් මිනිස් වාසස්ථාන කරා ගමන් කරයි.

සෘතුමය වර්ගීකරණයන්ට අනුව, වැඩිම අලි ප්‍රහාර සංඛ්‍යාවක් වාර්තා වන්නේ අප්‍රේල්, මැයි සහ ඔක්තෝබර් මාසවල වන අතර, උතුරු නැගෙනහිර හා නිරිතදිග මෝසම් කාලවලදී සිදුවන අලි සංක්‍රමණයේ ඉහළ සංඛ්‍යාතය හේතුවෙන් මිනිස්-අලි ගැටුම් වැඩි වේ. එමෙන්ම නියඟ කාලවලදී ජල හිඟය දිවයිනේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවල අලි ඇතුන් විසින් බෝග වැටලීමේ වාර ගණන වැඩි කරයි.


මෙවන් පසුබිමක Orange Elephant ව්‍යාපෘතිය බිහි වන්නේ දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම මඟින් ඇතිවන්නාවූ පුළුල් සමාජ විපර්යාසය ආමන්ත්‍රණයට ධනාත්මක වූත් දීර්ඝකාලීන වූත් දැක්මක් සමගයි. අලි මිනිස් ගැටුම පසුබිම් කර බිහි වුන නමුදු ඉන් ඔබ්බට ගොස් ඒ ආශ්‍රිත තවත් ගැටලු රැසකට අවධානය දෙන කොළඹ මිඩ් සිටි රොටරැක්ට් සමාජයේ Orange Elephant ව්‍යාපෘතියේ නැවුම් තොරතුරු හා ඔබත් රැඳී සිටින්න.









No comments:

Post a Comment

We do great things here in the homeland and around the world!