Are Children Safe in Current Society?

සමාජය වූ කලී යමක ආරක්ෂකයා මෙන්ම එහි විනාශක මූලයද විය හැකිය.එය ඇසූ සැනින් අපගේ සිතට නැගෙන්නක් නම් වර්තමාන සමාජය මේ කුමන ආකාරයකින් ක්‍රියාකරන්වද යන්නයි.ඕනෑම සමාජයක අනාගත ග්‍රාහකයා වන්නේ ළමා පරපුරයි.එහෙත් වර්තමාන සමාජය තුල ළමා පරපුර ආරක්ෂිතද? ලෝක‍යේ අවාසනාවකට වසංගතයක් ලෙසින් ලෙස පැමිණි කොරෝනාව නිසා දුරකථනය සමාජ ගතවුයේ අධයාපන මෙවලක් ලෙසිනි.නමුත් online අධයාපනයත් සමග ඇති වූ ගැටලු ප්‍රමාණය මහත් ය.ළමා පරපුරට තාක්ෂණයේ ආගමනයත් සමග යහපත් ප්‍රතිඵල වලට වඩා ඇතිවූයේ අයහපත් ප්‍රතිඵල යන්න නොරහසකි.ළමා මනස සමග තාක්ෂණයේ බන්ධනය කළමනාකරණට සමාජයේ මැදිහත් වීම ප්‍රමාණවත් වූයේ නැත.ඇතැම් සිද්ධීන් අවසන් වූයේ ජීවත අහිමිවීම් වලිනි.ළමා පරපුර තාක්ෂණයත් සමග ඇති බැදීමට තවදුරටත් අවධානය යොමුකිරීම තුලින් ළමයා සමාජය තුල ආරක්ෂා වනවා යන්න නියතය! මෙහි මා දක්වා ඇත්තේ මෙම වසංගත සමයේ ළමයින්ගේ ආරක්ෂාවට මතු වූ අලුත්ම හේතුවයි.නමුත් මල් කැකුලු මිලින වී යාමට ළමා හිංසන නිසා ඇතිවෙන ප්‍රතිඵල බොහෝ සේ බලපායි.ළමා හිංසනයක් කායිකව සිදු වූවද නොමේරු මනසක් ඇති දරුවා වසර ගණනක් මානසිකව පීඩාවට පත්වෙයි.මෙවැනි මානසික පීඩාවල අවසන් ප්‍රතිඵලය බවට පත්වන්නේ සියදිවි හානිකරගැනීම් බව ගුවන්විදුල,රූපවාහිනී හේතු සපයයි.මානසික පීඩාවට අතවර පමණක් නොව ලොකු කුඩා සැම ගොදුරු කරගන්නා මත්රකුසාද හේතු වෙයි.රාජ්‍යයක් ලෙස ළමයින්ගේ ආරක්ෂාව සදහා විවිධ පියවර අනුගමනය කිරීම බහුලව දක්නට ලැබේ.නමුත් වර්තමාන සමාජය තුල තවමත් මල් කැකුලු අනාරක්ෂිතය.
මල් කැකුලු මිලින වී යාමට ළමා හිංසන නිසා ඇතිවෙන ප්‍රතිඵල බොහෝ සේ බලපායි.ළමා හිංසනයක් කායිකව සිදු වූවද නොමේරු මනසක් ඇති දරුවා වසර ගණනක් මානසිකව පීඩාවට පත්වෙයි.මෙවැනි මානසික පීඩාවල අවසන් ප්‍රතිඵලය බවට පත්වන්නේ සියදිවි හානිකරගැනීම් බව ගුවන්විදුල,රූපවාහිනී හේතු සපයයි.මානසික පීඩාවට අතවර පමණක් නොව ලොකු කුඩා සැම ගොදුරු කරගන්නා මත්රකුසාද හේතු වෙයි.රාජ්‍යයක් ලෙස ළමයින්ගේ ආරක්ෂාව සදහා විවිධ පියවර අනුගමනය කිරීම බහුලව දක්නට ලැබේ.නමුත් වර්තමාන සමාජය තුල තවමත් මල් කැකුලු අනාරක්ෂිතය.

No comments:

Post a Comment

We do great things here in the homeland and around the world!