කොරෝනා හමුවේ අඩු ආදායම්ලාභීන්ට සිදු වූ බලපෑම

 


වසංගතයක් යනු, 
යම් බෝවන රෝගයක් යම් ප්‍රදේශයක සිටින ජනතාව අතර සීඝ්‍රයෙන් පැතිර යාමයි...
..



ලෝක වසංගත ඉතිහාසය දීර්ඝ කාලයකට විහිද යයි.අතීතයෙ පටන් වසූරිය, සාර්ස්, මහාමාරිය ආදි වසංගත ලෝකයට අහිතකර බලපෑම් ඇති කරමින් මහත් විනාශයක් සිදුකර  ඇත.වර්තමානයේදීද ලෝකය එවන් ව්‍යවසනකාරී වසංගතයකට  මුහුණ දෙමින් සිටියි.ඒ කොරෝනා වසංගතයයි.වෛරසයක් මගින් ව්‍යාප්ත වන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් හා මරණීය බලපෑම් ඇති කළ හැකි  රෝගයකි. 


ලෝකය පුරා මේ වන විට    විශාල පිරිසකට මරණය කැඳවමින් ව්‍යප්ත වී ඇති  කොරෝනා වසංගතය කවදා කෙසේ පෘථිවිය මතින් තුරන් වේදැයි නිශ්චිතව පැවසිය නොහැක. ශ්වසන පද්ධතියට දැඩි ලෙස හානි කරන මෙම කොරෝනා වෛරසය මැඩලීමට විවිධ එන්නත්  ලෝකය විසින් නිශ්පාදනය කර ඇති නමුත් මෙම ගැටලුවට  සාධනීය විසඳුමක් තවමත් ලැබී නොමැත.කොරොනා  වසංගතය මිනිසාගේ කායික තත්වයට පමණක් නොව ආර්ථික, සාමාජීය, අධ්‍යාපනික ආදි සියලු ක්ශේත්‍ර කෙරෙහි බලපෑම් ඇති කර හමාරය.එමෙන්ම ලෝකයේ සියලු දේ රදා පවතින ලෝක ආර්ථිකයට කර ඇති බලපෑම සුළු පටු නොවේ.  ඍන ආර්ථික වර්ධන වේගය ,ණය ගැනීම් , ආර්ථික බිදා වැටීම්, සහනාධාර ගිලිහීම, ආර්ථික අර්බුද , සංචරණ සීමා නිසා ගමනාගමන අඩාලතා , ආහාර හිගවීම , ඖෂධ හිගවිම , සෞඛ්‍ය සේවා බිද වැටීම ආදි බොහෝ අක්‍රමිකතා මෙම වසංගතය හේතුවෙන් ලෝකයේ වැඩි වෙමින් පවතී.

ශ්‍රී ලංකාවට ද ඉතා අහිතකර බලපෑම් සිදු කළ මෙම කොරෝනා වසංගතය කොරෝනා රැලි කිහිපයක් හරහා  වසංගත අවධානම  වැඩි කර ඇත .සාමාන්‍ය ආර්ථිකයට හිමිකම් කියන, සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙම වසංගත තත්ත්වය මහත් හිසරදයකි.ඒ අතරින් අඩු ආදායම්ලාභීන්ට හා දිළිදූ  වැසියන්ට මෙම කොරෝනා තත්ත්වය නිසා සිදුවූ බලපෑම අතිමහත්ය . අපි ඒ  පිළිබඳව සලකා බලමු.එදිනෙදා කරන සුළු රැකියා මගින් මුදල් උපයා ගන්නා හෝ සුළු මාසික වැටුපක් මගින්  ජීවත් වන මෙම අඩු  ආදායම්ලාභීන් වැටීමට හැකි උපරිම අසරණ තත්ත්වයට ඇද වැටී හමාරය. 


කොරෝනා බලපෑම ආර්ථික වශයෙන් ස්ථාවර ධනපති පන්තියට පවා දැඩි අහිතකර  බලපෑම් ඇති කර ඇති අතර ඔවුන්ගේ රැකියා හා ආදායම් මාර්ගද ඇහිරී හමාරය. එසේනම් අඩු ආදායම්ලාභීන් කෙසේ ජීවත් වන්නද????

 

නිසි ආර්ථික ශක්තියක් නොමැති මේ අඩු ආදායම්ලාභීන්ට තම ආහාර අවශ්‍යතා ඉටුකරගැනීම, රෝග සඳහා ඖෂධ ලබා ගැනීම ,හදිසි නිරෝධායන කිරීම් සිදු වූවහොත්  ඒ සඳහා මුහුණදීම, හදිසි සංචරණය සීමා හෝ වසා දැමීම් සිදු වුවහොත් ජීවිතය ගෙන යන ආකාරය ,අනෙක් මූලික  අවශ්‍යතා ඉටුකර ගැනීම වැනි දේවල් වලට සාර්ථකව මුහුණ දීමට හෝ   බලපෑම ඉවසා දරා සිටීමට   නොහැක.ඒ නිසා ඔවුන් දැඩි කරදරකාරී හා අස්ථාවර තත්ත්වයක පසු වෙමින් සිටි. 



                           ඊට අමතරව අඩු ආදායම්ලාභී දිළිදු වැසියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, රැකියා අහිමි වීම, ඇතැම් විට කොරොනා නිසා මුදල් උපයන්නා මිය ගියහොත් යැපෙන්නන්ට  ආර්ථික දායකත්වය   නැති වීම, සෞඛ්‍ය පහසුකම් නොමැති වීම, පැල්පත්වාසීන් හා මුඩුක්කු වැසියන් නම් වසංගත අවදානම අධික වීම ආදී අහිතකර බලපෑම්ද  ඇතිවී ඇත. එසේ නම් මේ  අඩු ආදායම්ලාභී මේ වසංගතයත් සමග ජන  ජීවිතය  විනාශ වීමට නොදී කෙසේ  ආරක්ෂා කර ගන්නද ? රජය මගින් වරින් වර  දෙන ආධාර මගින් ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම ඉටු  නොවෙන අතර  එය ජන  ජීවිතය  ගෙවීමට ප්‍රමාණවත් නොවේ .රජය විසින්ද යම්  සීමාවන් සහිතව  රටේ ආර්ථිකයත්  ආරක්ෂා කරගනිමින් ආධාර කිරීම් සිදු කරන නිසා  විශාල මුදලක්  ආධාර  සදහා ලබා දීමට  නොහැක.

අඩු ආදායම්ලාභීන්ගෙ රැකියා වියුක්තිය ද අධික වී ඇති අතර ඔවුන්ට ආදායමක් ලබාගත හැකි ආදායම් මාර්ග ද අහිමි වූ විට ඔවුන් කුමක් කරන්න ද?


දැඩි අහිතකර බලපෑම් ඇති වී ඇති මේ  අඩු ආදායම්ලාභී  වැසියන් නගාසිටුවීමට හා ආර්ථිකය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කළ හැකි ක්‍රියාමාර්ග ලෙස නව රැකියා නිර්මාණය, හැකිතරම් අපනයනය දියුණු කර අපනයන ද්‍රව්‍ය නිර්මාණය කර නව රැකියා අවස්ථා විවෘත කිරීම සඳහා අඩු ආදායම්ලාභීන් යෙදවිය හැකිය.රජයට දරාගත හැකි ප්‍රමාණවත් ආධාරයක් එම පීඩිත ජනතාවට ලබාදීම, හැකිතරම් රැකියා වියුක්තිය අඩු කිරීමට රජය   අවධානය යොමු කිරීම, විකල්ප රැකියා සඳහා යෙදවීම, හැකිතරම් සෑම පුද්ගලයකුටම බෙදී යන  ආකාරයට ආර්ථික සහන ලබා  දීම හා ණය හා බිල්පත් ගෙවීම් සඳහා කාලය ලබා දීම, බඩු මිල අඩු කිරීම,සහනාධාර වැඩි කිරීම හා නිශ්චිතව විපතට පත්  අය හඳුනාගෙන ඔවුන්ට වැඩි අවධානයක් ලබා දීම ආදී ක්‍රියාමාර්ග තුළින් යම්තාක් සහනයක් මෙම අඩු ආදායම්ලාභීන්ට ඇති කල හැක. ඔවුන්ගේ පීඩාකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම සමථයකට පත් කිරීමට නොහැකි වුවද හැකිතාක් ඔවුන්ට  ශක්තියක් වීමට නොදී ආරක්ෂා කර ගැනීමට  මෙමගින් කටයුතු  කල හැක.




නොදුටු මරුවෙකු  වන කොරෝනා වෛරසය  දුප්පත් පෝසත් බේදයක් නොමැතිව සියලු දෙනාටම එකසේ බලපෑම් ඇති කරයි

 



නමුත් අඩු ආදායම්ලාභීන්ට දැඩි පීඩාකාරීව හා අහිතකරව  බලපෑම් ඇති කරයි.ඒ නිසා හැකිතාක් ඔවුන්ව නගා සිටුවීමට රජය අවධානය යොමු කළ යුතු අතර, මෙය මුලු ලෝකයටම පොදු වසංගතයක් බැවින් අහිතකර තත්ත්වය නිමා වෙනතුරු ඔවුන්ව  ආරක්ෂා කරගත යුතුය. රජයම සිදු කරන තුරු නොසිට හැකිතරම් දානපතියන් විසින් පෞද්ගලික ආධාර ලබාදීම, යම් යම් සහන ලබාදීම ,ආහාර ලබා දීම් ආදියෙන් ද ඔවුන්ට යම් සහනයක් විය හැක. කොරෝනාව යනු සියලු  දේම   අවසානය නොවේ, එම නිසා... 


හැකි තාක් සහයෝගයෙන් හා එකමුතුවෙන් සියලු දෙනා එකාමෙන් සිට ඊට මුහුණ දිය යුතුය.එවිට එය අපට ජය ගත හැක.

               
                                                                                                         
                                                                                                               Penned by, Shehan Sanka.

1 comment:

We do great things here in the homeland and around the world!